වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල ණය පොලිය 13.5% දක්වා පහතට

0

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ මූල්‍ය ආයතනවල සාමාන්‍ය ණය පොලී අනුපාතය වහාම පහත හෙළන ලෙස නියෝග කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් විශේෂ

චක්‍රලේ්ඛයක් නිකුත් කර තිබේ. 1949 අංක 58 දරණ මුදල් පනත යටතේ මහ බැංකුව මේ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඒ අනුව බලපත්‍රලාභී රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන මඟින් ණය පොලී අනුපාතය සියයට 13.5 හෝ ඊට අඩු මට්ටමින් පවත්වාගෙන යා යුතු බවට මහ බැංකුව නියෝග කර තිබේ.

මූල්‍ය තත්ත්වයයන් සැලකිය යුතු ලෙස ලිහිල් කර තිබියදීත් ඇතැම් මුල්‍ය ආයතන තවදුරටත් ණය පොලි අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යාම සැලකිල්ලට ගනිමින් මහ බැංකුව විසින් මේ චක්‍රලේඛය නිකුත් කර ඇත.

බලපත්‍රලාභී වානිජ බැංකු විසින් උගස් පොලී අනුපාත සියයට 18ක් ලෙසත් ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත සියයට 28 ලෙසත් පවත්වා ගත යුතු බවට ශ්‍රී ලංකා මහබැංකුව දන්වා තිබේ.

මහ බැංකුව විසින් මේ චක්‍රලේඛය ඉකුත් 25 වැනිදා නිකුත් කර ඇති අතර ඊට දැඩි අවධානය යොමු කර ක්‍රියා කරන්නැයි ද බලපත්‍රලාභී වානිජ බැංකු වෙත දැනුම් දී ඇත.

ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත අවස්ථා දෙකකදී අඩු කිරීමේ සම්පූර්ණ වාසිය ගනු දෙනු කරුවන්ට ලබා දීමේ අරමුණින් මෙම චක්‍ර ලේඛය නිකුත් කළබව මහා බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහා බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව වානිජ බැංකු විසින් උපරිම පොලී සීමාවට පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කරනු ඇතැයි අධිපතිවරයා විශ්වාසය පළ කළේය

වානිජ බැංකු විසින් එසේ ක්‍රියා කරන්නේදැයි නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවද අධිපතිවරයා කීය.

වානිජ බැංකු විසින්ද දැනටමත් පොලී අනුපාත අඩු කොට තිබෙන අතර තවදුරටත් සිදුකළ යුතු ගැලපීම් මේ සතියේ පටන් ක්‍රියාත්මක කරනු ඇතැයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *