ලංකා බැංකුව ’’අළුත්’’ වෙයි

ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව  ඇත.

1938 අංක 53 දරන ලංකා බැංකු ආඥා පනත යටතේ ස්ථාපිත කර ඇති ලංකා බැංකුව  ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ තුළ කටයුතු කරනු ලබන ප්‍රමුඛතම ආයතනයක් වන අතර, රාජ්‍ය හිමිකාරිත්වයක් සහිත වාණිජ බැංකුවක් ලෙස ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙන බව රජය ප්‍රකාශ කරයි.

දැනට බලාත්මක එකී ආඥාපනතේ  තරඟකාරී සහ වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වෙමින්, ප්‍රශස්ථ ප්‍රතිලාභ උපයා ගැනීම සීමා කරනු ලබන අවහිරතා සහ අභියෝග ගණනාවක් පවතින බව හඳුනා ගනු ලැබ තිබේ.