ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර  සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ

2025 සහ 2026 වසර වල පැවැත්වීමට නියමිත ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර  සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. එය  එම සමුළු මාලාවේ 18 සහ 19 වැනි ජාත්‍යන්තර සමුළුවන අතර එහි 17 වන සමුළුව  පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්විණි .

ඊට රටවල් 184 නියෝජිතයින් සහභාගිව් ඇත.

ඊට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එක්සත් ජාතීන්ගේ ‍ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරිස් නියෝජ්‍ය තානාපති සුභීස්වර  ගුණරත්න යන මහත්වරු  ඇතුළත් වූහ.