අය වැය 2024 – LIVE UPDATES

0

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹෙයි.

මේ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට සිදුවෙයි.

Updated

පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Updated

සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු වල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවත් පැවසීය

Updated

දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්වන ලෙස 2024 අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර, දේශපාලනයට වඩා රට ගැන සිතා රට ඉහළටම ඔසවා තබන්නට සියලු දෙනා අවංකව කැපවන ලෙසද ඉල්ලා සිටියේය

Updated

මෙතෙක් පැමිණි ගමන් මඟේ සාර්ථකත්වයට හේතුව රජය ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හරහා 2022 දී මෙන් ආර්ථික අපායකට ඇද නොවැටි ඉදිරියට යාමේ පදනම සකසා ඇති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *