විවාදය හෙට සිට 21 දක්වා

රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ සමස්ත ජනතාවට සහන හා ප්‍රතිලාභ අපේක්ෂිත 2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අය-වැය කථාව’ ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙවන වර කියැවීමේ විවාදය හෙට (14) ආරම්භ වේ.

14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අය-වැය දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම 21 වැනි අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත වේ.

ඉන් පසුව අය-වැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අය-වැය පිළිබඳ තෙවන වර කියැවීම 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට නියමිතය. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අය-වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *