පඬු කරඳ ගස කැපුයේ කැබිනට් අනුමැතියෙන්

0

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට බාධාවක්ව පැවති මතභේදයට තුඩුදුන් පඬු කරඳ ගස කපා  ඉවත් කළේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දේශපාලන හා වෙනත් විවිධ හේතූන් මත අවුරුදු එකසිය ගානක් පරණයි, මේක මෙතනින් ඉවත් කරන්නට දෙන්නෙ නැහැ ” කියමින් ඉවත් කිරීමට ඉඩ නොදුන් මෙම  ගස ඉතිරි කරමින් මාර්ගය ඉදි කිරීමට අමතර රුපියල් බිලියන 15ක මුදලක අලාභයක් වන බවත් රට අන්තයටම වැටී තිබෙන අවස්ථාවක වුවත් අධිවේගී මාර්ග කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන ප්‍රදේශය අවට අවුරුදු 40 කට වඩා පැරණි පඬු කරඳ ගස් 15ක්‌ පවතින්නේ යැයි වාර්තා වූ බවත් අමාත්‍යවරයා කීය.

මෙම සියලු කරුණු කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දුන් බව කී අමාත්‍යවරයා මෙය විශාල අපරාධයක් අපරාධයක් යැයි බොරුවක්, මිත්‍යාවක් රට පුරා වපුරා සිදු කළ කඩාකප්පල්කාරී තත්වයක් බවදසඳහන් කළේය.

අවට පවතින ගස් ප්‍රමාණය පිලිබඳවත්, උද්භිද විද්‍යාඥයින් ඕනෑතරම් ශාක ප්‍රමාණයක් වගා කර දිය හැකි බවත් ප්‍රකාශ කර තිබෙන බවත් වැඩිදුරටත් කීය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් අද (07) පැවති කැබින්ට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එසේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *