ණය සීමා සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

0

2023 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලැබුණු බව රජය පවසයි.

2023 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා 2023.6. 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව 2022 අංක 43 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *