හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා  කැබිනට් අනුමැතිය

හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීම සඳහා  කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේවන විට  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබේ.

ඒ සඳහා  ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාල අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විාත කමිටුවක් පත් කරනු ලැබ තිබේ.