සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිවේ

වර්තමාන සමාජ ආරක්ෂණ පද්ධතියට ඒකාබද්ධ වී තිබෙන එකිනෙකට සම්බන්ධයක් නොමැති වැඩසටහන්, යෝජනා ක්‍රම, ආයතන සහ නිමැවුම් මඟින් එකී සමාජ ආරක්ෂණ ක්‍රියාවලියේ පවත්නා සීමිත කාර්‌යක්ෂමතාවය හා ජාතික සංර්වධනයට දක්වන දායකත්වය අඩු බව පෙන්නුම් කරන බව රජය ප්‍රකාශ කරයි.

මෙහිදි, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත.

ඊට අදාළ සියලුම පාර්ශ්වයන්ගේ මනා දායකත්වයෙන්, සම්බන්ධීකරණය හා අනුරූපී බව සහිත සමාජ ආරක්ෂණ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රමෝපායික මග පෙන්වීමක් ලබා දීමට ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තිය සමාජ සකස් කර ඇත. 

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්‌ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත‍.