රත්නපුරේ රෝහල් තුනකින් ලංවීමට කෝටි අටක පොල්ලක්

0

රත්නපුර ශීක්‍ෂණ මහ රෝහල, ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් රෝහල සහ තැලිගම දිස්ත‍්‍රික් රෝහල යන රෝහල්වල අටකෝටි හැටතුන් ලක්‍ෂ හයදහස් හාරසිය දොළහක හිඟ විදුලි බිල් 14දාට පෙර නොගෙව්ව හොත් එම රෝහල්වල විදුලිය විසන්ධි කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට විදුලිබව මණ්ඩලය ෆැක්ස් පණිවියක් මගින් දැනුම් දී තිබේ.

මෙම රෝහල් මේවනවිට මධ්‍යම රජය මගින් පාලනය වේ. රත්නපුර මහ රෝහල මුලසිටම මධ්‍යම රජය මගින් පාලනය වූ අතර පසුව ඇඹිලිපිටිය සහ තැලිගම රොහල් පසුව සබරගමුව පළාත් සභා පාලනයෙන් මධ්‍යම රජය වෙත පවරා ගනු ලැබීය. සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමෙන් පසු රත්නපුර මහ රෝහල ශීක්‍ෂණ මහ රෝහලක් කෙරුණි.

රත්නපුර මහ රෝහලේ විදුලි ගිණුම් අංක හයකින් විදුලිය සපයා ඇති අතර එම මිණුම් හයේම විදුලිය බිල ගෙවා නැති බව විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යැවු ලිපියේ දැක්වේ. ලේ බැංකුව ද ඊට අයත් ය. ඒ අනුව රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ හිඟ විදුලිය බිල රුපියල් හයකේටි හැටහත් ලක්‍ෂ හැටනමදාස් පන්සිය තිස් පහකි . ඇඹිලිපිටිය දිස්ත‍්‍රික් රෝහලේ හිඟ විදුලිය බිල රුපියල් එක් කෝටි අනූලක්‍ෂ එකොලොස් දහස් හයසිය අනූ හතරකි  තැලිගම දිසා රෝහලේ හිඟ විදුලිය බිල රුපියල් පන්ලක්‍ෂ විසිපන් දහස් එකසිය අසූහතරකි  මෙම හිඟ මුදල් ගෙවන ලෙස රෝහල් අධිකාරීත්වයන්ට කලින් දැනුම් දී ඇතත් මෙතෙක් ගෙවා නැති බව ද විදුලි බල මණ්ඩලය යැවු ෆැක්ස් පණිවිඩයේ දැක්වේ. එහෙත් රෝහල්වල විදුලිය අවශ්‍යතාව සැලකිල්ලට ගෙන විසන්ධි නොකළ බව ද සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *