චීනය කාබන් ශුන්‍ය කිරීමට පොරොන්දු වෙයි.

0

2060 වර්ෂය වන විට චීනය කාබන් නිශ්ක්‍රීයකරණයට පත් වූ රටක් වන බවට පොරොන්දුවක් අද (09) චීනයේ ක්වින්හායි පළාතෙහි පැවැති ජාත්‍යන්තර කාලගුණ විපර්යාස සමුළුවේදී ප්‍රකාශයට පත්විය .
green is the color of new development යන තේමාව මුල් කරගනිමින් මුළු දුන් මෙම සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ අමාත්‍ය  ලියූ ජින්ශාවෝ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතුනි. සමුළුව සදහා ලොව පුරා රටවල් නියෝජනය කරමින් 200කට අධික නියෝජිතයින් පිරිසක් සහභාගී වූ අතර ලංකාව නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වරුණ රාජපක්ෂ මහතාද සහභාගී විය.
ලොව පුරා සිදුවන කාර්මිකණය හා දේශගුණික ගැටළු සම්බන්ධයෙන් වඩා අවධානයක් යොමු කර සිටින චීන ජනරජය සංවර්ධනයේදී තමන් විසින් අත්පත් කරගන්නා දියුණුව අතරතුර 2060 වර්ෂය වන විට ලොවට මහගු ආදර්ශයක් ලෙස කාබන් ශුන්‍ය රටක් වන බව මෙහිදි ප්‍රතිඥා දී සිටින බවද ලියූ ජින් ශාවෝ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *