සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට නොතීසි නිකුත් කෙරේ

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණු වෙල මහතා (11) මන්නාරම සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා උතුරට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමාට බැණ තර්ජනය කර එම සංවාදය ජනපතිවරයාගේ ප්‍රතිරූපය කෙලෙසන පරිදි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලදි.