ඉදිකර වසර 10ක් වසා දමා තිබූ කිවුල මධ්‍යම බෙහෙත් ශාලාව ජනතා අයිතියට

ඉදිකර වසර 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ මහකුඹුක්කඩවල කිවුල අංක 4 මධ්‍යම බෙහෙත් ශාලාව හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා හා සෞඛ්‍ය අංශ සහභාගීත්වයෙන් විවෘත කිරීම පසුගිය දින සිදු කෙරිණි.

කිවුල මධ්‍යම බෙහෙත් ශාලාව 2009 වසරේ ඉදි කිරීම් ආරම්භ කර ඇති අතර එය 2015 වසරේ අවසන් කර ඇති බව කියයි.

කිවුල, වේලාසිය, කුඩා කිවුල, දංගහවල කිවුල කටුව ඇතුළු ගම්මාන රැසක දස දහසකට වැඩි ජනතාවක් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම මධ්‍යම බෙහෙත් ශාලාව ආරම්භ කිරීමට කටයුතු කර තිබුණි.