ජවිපෙ මරණ තර්ජන ගැන හඩ්සන්ගෙන් CID යට පැමිණිලි කෙරෙයි

තම ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇත. 

වසන්ත සමරසිංහ මහතා විසින් හඩ්සන් සමරසිංහ මහතා ඉලක්ක කර කරනු ලබන තර්ජනාත්මක ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.

මෙම ප්‍රකාශය පදනම් කරගෙන මෙම පැමිණිල්ල හඩ්සන් සමරසිංහ මහතා විසින් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කෙරින.