ඉන්දු ශ්‍රීලංකා මිත්‍රත්වය තහවුරු කරමින් ආබාධිත රණවිරුවන්ට විකලාංග උපකරණ පරිත්‍යාගයක්

0

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින මිත්‍රත්වය තව තවත් තහවුරු කරමින් තිස් වසරක යුද්ධයෙන් සදාකාලික ආබාධිත වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට විකලාංග උපකරණ පරිත්‍යාග කිරීම 7වනදා රාගම රණවිරු සෙවණේදී උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණ.

 මෙම අවස්ථාව නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතූෂ් ජා මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

විකලාංග කට්ටල 450ක් පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ අතර අවස්ථාව සංකේතවත් කරමින් ආබාධිත රණවිරුවන් සිව්දෙනකුට විකලාංග උපකරණ පරිත්‍යාග කිරීම මෙම අවස්ථාවේදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *