රාජසන්තක ඉඟුරු ඔසු නිපදවීම පිණිස මුදා හරී

 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බෙහෙත් ඉඟුරු සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 87ක් සඳහා බෙහෙත් ඉඟුරු අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනු ලැබෙයි.

 මේ වන විට වෙළෙඳපොළේ බෙහෙත් ඉඟුරු වල දැඩි හිඟයක් පවතින බව හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලැබ ඇති බෙහෙත් ඉඟුරු ටොන් 5020 ප්‍රමාණයක් පවතියි.

 එම බෙහෙත් ඉඟුරු තොගය සහනදායී මිල ගණන් යටතේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.