කළුකඩකාරයින් සොයා මුළු රටම පීරයි

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබිය දී  එම සහනය පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන වෙළෙඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සදහන් කරන ලදි.

මේ සඳහා දැනට සිදුකරන වැටලීම්වලට අමතරව විශේෂ වැටලිම් කණ්ඩායම් පත්කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම වැටලීම් දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් ඉලක්ක කරමින් සිදුකරන බවත් ඔහු කීවේය.

භාණ්ඩ හා සේවාවල  මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත් සභාපතිවරයා පවසන ලදි.

අසාධාරණ ලෙස මුදල් උපයන වෙළදුන්ට ඉදිරියේදි නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.