ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසක් සමග අද තරග බිමට..!

0

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය අද මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේ හිදී ආරම්භවීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තුන්ඉරියව් ක්‍රිඩක ජේසන් හෝල්ඩර් සහ වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් යළි කොදෙව් රාජ්‍ය බලා පිටත්ව යෑම හේතුවෙන් මෙම තරගය සඳහා ඔවුන් සහභාගී නොවන බව වාර්තා වෙයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බව පැවසෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග වටයේ අඛණ්ඩව තරග 08ක් ජයගනිමින් මේ වනවිටත් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *