රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

40 වෙනි අධිකාරිය වූ  මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.