දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එපා – ඇමති සුසිල්

ඊයේ (ජූලි 2)  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතැම් පුද්ගලයෝ පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටිය ද අවුරුදු ගණනාවක් යුද්ධ කළ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් කිසිදු දිනෙක පාසලක් වසා දැමීමට ඉඩ නොදුන් බව පැවසීය.

ප්‍රභාකරන් කිසිදු විභාගයක් කඩාකප්පල් නොකළ බව පැවැසූ එතුමා  වෘත්තීය සමිති ඊට එහා ගොස් අනාගත පරපුර උකස් කර වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කරන බව සඳහන් කළේ ය.