මැතිසබයෙන් දොස්තර හවුලක්

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටිනවෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් (25) පිහිටුවා ගනු ලැබීය.

එම සංසදයේ සභාපතිවරයා ලෙස පත්වූයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාය.සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරු අනුශාසකවරුන් ලෙසද විශේෂඥ වෛද්‍ය සූදාර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන උපසභාපතිවරුන් ලෙසද වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා කැඳවුම්කරු ලෙසද වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා නියෝජ්‍ය කැඳවුම්කරු ලෙසද මෙහිදී තේරී පත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *