අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීම අධ්‍යාපනයේ අරමුණක් – -ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති හා වැඩ බලන අධ්‍යාපන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන

අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීම යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, වැඩ බලන අධ්‍යපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසන ලදි.

ඊයේ (25) පෙරවරුවේ හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී එතුමාගේ ම  සංකල්පයකට අනුව හෝමාගම පුරවරය කේන්ද්‍ර කරගනිමින් දෙවැනි වරටත් සංවිධානය කෙරුණු ‘ධර්ම රශ්මි 2024’ පොසොන් කලාපයේ පැවති පාසල් අංශයේ පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.