යටත් විජිත යුගයේ තාරා දේවී ප්‍රතිමාව ඇතුළු බ්‍රිතාන්‍යයට රැගෙන ගිය පුරා වස්තු යළි මෙරටට ලබා ගැනීමට පියවර

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්(15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි පැවසීය.

එසේම රටට සහ සංස්කෘතියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අප රටේ බිහි විය යුතු බවත් ඒ හරහා රටට ආදරය කරන අභිමානවත් මිනිසුන් නිර්මාණය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.