බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සුදු බිත්තරයකට රුපියල් 44 ක සහ රතු බිත්තරයකට රුපියල් 46 ක උපරිම මිලක් පනවූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (20) පැවසීය.

මෙම මිල අද (20) සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.