ජනාධිපතිවරණය 2024 – සිකුරාදාට පෙර දන්වන බව මැතිවරණ කොමිෂමේ  සභාපති පවසයි

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා (ඡන්ද විමසීමේ දැන්වීම) කැඳවීම මේ සතියේ සිකුරාදාට (26දාට) පෙර ප්‍රකාශයට පත් කරන බව පවසන ලදි.

ඡන්ද විමසීමේ දැන්වීම තුළ නාමයෝජනා කැඳවන දිනය සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කර දින 16ත් 21ත් අතර නාමයෝජනා කැඳවා සති 04ත් 06ත් අතර දිනයක ඡන්ද දිනය ප්‍රකාශයට පත් කරන බවත් ඒ මහතා සදහන් කරන ලදි.