මැතිවරණ වියදම් පනත ගැන දැනුවත් කිරීම් මාලාවක් පැවැත්වේ.

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව සහ ඉදිරියේදී එළැඹෙන මැතිවරණවලදී එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලුම මට්ටම්වල නිලධාරින් පළාත් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

සහකාර මැතිවරණ කොමසාරිස් එන්.පී.පී.අයි.ආර්. ගුණරත්න මහතා  මෙම වැඩමුළුව මේ මස 27දා පෙරවරු 9.00 සිට පස්වරු 1.30 දක්වා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව පැවසීය.