උසස් පෙළ විභාග කාලසීමාව තුළ අඛණ්ඩ විදුලිය

උසස් පෙළ විභාග කාලසීමාව තුළ අඛණ්ඩ විදුලිය සම්පාදනය කෙරෙහි අවධානය යොමුව තිබේ.
මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමක් අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි එම කොමිසම ප්‍රකාශ කළේ ය.
මේ අතර කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.