අද සිට සියයට 22.5 කින් විදුලි බිල පහළට

අද (16දා) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5% කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

2024 වසරේ  දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම කොමිසම මේ තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම ඊයේ සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අද සිට ගෘහස්ථ, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු අඩු කෙරෙනු ඇත.