විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල  පනත ලබන මාසයේ මැතිසබයට

0

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල  පනත ලබන මාසයේ මැතිසබයට ඉදිරිපත් කරන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  පැවසීය

පනත් කෙටුම්පතට  නීතිපති දෙපාර්තමේන්තුවේ   අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද   ඔහු සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ 24000ක්  සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටලු පවතින  බවත් අවශ්‍ය තැන්වලදී සේවකයන්  අඩු කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීවේය.

සමහර සේවාවන්ට පිටතින් සේවකයන්  බඳවා ගන්නා හෙයින් මණ්ඩලයට විශාල බරක් පැටවෙන බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන ජන බලවේගයේ  පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *