හදිසි කැබිනෙට්ටුවේ තීන්දුව මෙන්න

ජනාධිපතිවරයා විසින් ඊයේ (24) දින විශේෂ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණු අතර, මෙම කැබිනට් රැස්වීමේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම⁣ට තීරණය කර තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ අද පස්වරුවේ බැවින් අධ්‍යයනයට කාලය අවශ්‍ය බව මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ ස්ථාවරය වී ඇත. අදාල තීන්දුවේ නීතිමය කරුණූ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී තම ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට මෙම රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේය.