ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත මෙම හදිසි කැබිනට් රැස්වීමේදී එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ප්‍රධාන අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම හදිසි කැබිනට් රැස්වීම සඳහා සියලු කැබිනට් අමාත්‍යවරුන්ට සහභාගීවීම අනිවාර්ය කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.