ක්‍රිකට් කමිටුවට සාමාජිකයන් පත් කිරීම කැබිනට් කමිටුවේ වාර්තාවට අනුව සිදු කළ යුතු බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි  මහතා පවසයි

එසේ නොකළොත් ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් අගාධයට යනවා. ක්‍රිකට් කමිටුවේ ඔළුගෙඩි පමණක් වෙනස් කර ජයග්‍රහණ කරා යා නොහැකි අතර එහි සමස්ත ක්‍රමවේදයම වෙනස් කර ජයග්‍රහණ කරා යා යුතු බවත් ඇමැතිවරයා  ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ දී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් පැවසීය.