මෙවර අනුර­ාධපුරයේ සිට මිහින්තලේ යන බැතිමතුන්ට නොමිලේ දුම්රිය ගමන්

අනුරපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය බලා පැමිණෙන සැදැහැවතුන්ට  පොසොන් පුන් පොහොය යෙදෙන ජූනි මස 21 වැනිදා මෙන්ම 22 හා 23 දිනයන්හිදීත් දුම්රිය මඟින් නොමිලයේ ගමන් පහසුව සලසා දීමට පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මින් ඉදිරියට සෑම පුන් පොහෝ දිනයකම අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය මඟින් බැතිමතුන් ප්‍රවාහනය නොමිලයේ සිදු ‍ෙකරනු ලබන බව ද ඇමැතිවරයා  පැවසීය.