ප්‍රංශ ජනපති සහ ජපාන විදේශ ඇමති අද දිවයිනට

0

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා අද පස්වරුව වනවිට මෙරටට ළඟාවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

සිය පැපුවා නිව්ගිනියා සංචාරය අතරතුර එමානුවෙල් මැක්‍රෝන් ජනාධිපතිවරයා මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබුණි.

මෙම සංචාරය තුළදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී කලාපීය හා ගෝලීය අභියෝග පිළිබඳව අවධානය යොමුවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකා සංචාරයක නිරත වන ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

මේ අතර ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී මහතා ඇතුළු ජපාන රජයේ දූත පිරිසක් ද අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

දෙදින සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ජපාන රජයේ සම සභාපතීත්වයෙන් ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ජපාන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *