උසාවිය නියම කළ වන්දි පාස්කු වින්දිතයින් වෙනුවෙන් –අගෝස්තු 30ට පෙර සම්පූර්ණයෙන් ගෙවීමට නියම වෙයි

ඊයේ (15දා) 2023.01.12 වැනිදා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ගෙවන ලෙසට තම අධිකරණය නියම කළ සම්පූර්ණ වන්දි මුදල ලබන අගෝස්තු 30 වැනි දිනට පෙර ගෙවා නිමකරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට නියෝග කරන ලදි.

එදිනට පෙර එකී වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර නොමැති නම් එකී වගඋත්තරකරුවන් තිදෙනාට එරෙහිව, අධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා කෙටුම්පත් කරනා ලෙසද නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල, තම අධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක කර තිබේ ද යන්න සලකා බැලීම සඳහා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන සැප්තැම්බර් 27 වැනිදා යළි කැඳවීමට ද නියෝග කරන ලදි.