ඡන්දෙට මුදල් සූදානම් – මුදල් ලේකම් මැතිවරණ කොමසාරිස්ට සහතික වෙයි

ඊයේ (17දා) මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රමුඛ එම අමාත්‍යාංශ නිලධාරීන් විසින් මීලඟ ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

ඊයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ඇතුළු මැතිවරණයේ මූල්‍ය කටයුතු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

මෙම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයට මුදල් වෙන් කිරීමේ හැකියාව ඇති බවට දැනුම් දී ඇත.