අස්වැසුමට ඉල්ලුම් කරන්න තවදුරටත් අවස්ථාව

අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

අස්වැසුම දෙවැනි අදියර ලෙස ජූලි මාසයේ සිට පවුල් ඒකක ලක්ෂ 24 කට ගෙවීම කරන්න බලාපොරොත්තු වන බවත් මේ සඳහා හිමිකම් ඇති පවුල් මේ වන තෙක් අස්වැසුම ප්‍රතිලාභීන් හැටියට ඉල්ලුම් කරලා නොමැති නම් ඒ අය සඳහා ඉල්ලුම් කිරීමට තවදුරටත් අවස්ථාවක් ලබා දෙන බවත්, අස්වැසුමේ රෙගුලාසී හා ගෙවීම් සම්බන්ධයෙන් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.