විදුලි බිල අඩු වීම ඇඟලුම් කර්මාන්ත ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි විදුලි බිල 25.3%කින් අවම කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ තරගකාරීත්වය වර්ධනය කිරීමට සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට දැඩි රුකුලක් වනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය ප්‍රසාදය පළ කර ඇත.

 කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විදුලි බිල්පත වෙනස් නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අදහස ඉදිරිපත් කළ ද සිය තරගකරුවන් අතර ඉහළම විදුලි පිරිවැයක් දැරීමට මෙරට ඇඟලුම් අපනයනකරුවන්ට සිදුවී ඇති බව පසුගිය සතියේදී මහජන උපදේශන සභාවට ඉදිරිපත් කළ අදහස් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.