මහා වංශ පුස්තකය ලෝක උරුමයක් වෙයි

ලෝක උරුමයක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදුවිය.

ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තකයට අදාළ සහතික පත්‍රය ප්‍රදානය කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත භාරදුන්නාය.

 ඇය විසින් ඊට අදාළ සමරු පලකයක්ද විවෘත කරන ලදී .

එහිදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා විසින් යුනිස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු පොතක්ද පිළිගැන්විණි .

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය එම්. මහේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ .