මැතිවරණ හමුවේ වළේ නොවැටී ගොඩ යාම…

0

මෙතෙක් කලක් මහ බැංකුව වසරක් පාසා නිකුත් කළේ වාර්ෂික වාර්තාවකි. එහෙත් නව මහ බැංකු පනතත් සමග එම වාර්තාව හඳුන්වන නාමයේ මෙන්ම එහි ආකෘතියේ ද වෙනසක් සිදුව ඇත. ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තියට අනුව මහ බැංකුව විසින් වාර්ෂික ආර්ථික විවරණය නම් වාර්තාව සහ මහ බැංකු පනතෙහි 99 වැනි වගන්තිය යටතේ මහ බැංකුව විසින් මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් නම් වාර්තාව යන වාර්තා දෙක 2023 මුදල් වර්ෂයේ සිට වාර්ෂිකව නිකුත් කළ යුතු වේ. ඒ අනුව මහ බැංකුවේ පළමු වාර්ෂික ආර්ථික විවරණය – 2023, සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම්- 2023 යන වාර්තා දෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් අප්‍රේල් 25 වැනි දින සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *