රටට සුබ ආරංචියක් එන බව දැනගෙන සමහරු භූමිතෙල් ගෑවුණු ගැරඬි මෙන් ක්‍රියාකරන බව ඇමැති මනූෂ නානායක්කාර පවසයි.

රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඇතමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ හතර අතේ දිවීම අරඹා  ඇති බව කම්කරු හා විදේශ රැකියා  ඇමැති මනුෂ නානායක්කාර මහතා  පවසන ලදි.

මේ බව ඊයේ (24) උදෑසන ශ්‍රී ලංකා  විදේශ සේවා  නියුක්ති කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා  පැවසීය.