ලංගම බස්වලට කඩිනමින් GPS උපකරණ සවි කෙරෙයි

GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු කෙරිණි.

එහිදී I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුව වන බො‍හෝ ලංගම බස් රථවල GPS උපකරණ සවි කර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පළාත් සභාවට හදුන්වා දී ඇති මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියේ කඩවත කේන්ද්‍ර කරගත් මාර්ග 12ක බස් රථ 135 ක් යොදාගෙන සිදු කරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු වී තිබේ.