ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් ශුභාසිංශන

ප්‍රථම වරට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතීය.

“ඔබේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියකි. ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළා!” යනුවෙන් ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන ලදි.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම තරගයේ වීරවරිය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම සමත් විය.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නායිකා චමරි අතපත්තු ලබා ගන්නා ලදි.