ජනපති රනිල්ගෙන් සෞඛ්‍යයට රතු එළියක්…!

0

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු සම්බන්ධව අද පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළ අතර මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමිවන බවද සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *