මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි  ත්‍රි‘මලේ සිසුවියන් හැත්තෑවකගේ ප්‍රතිඵල අත්හිටුවයි

අඩි විස්සයි විස්සේ පන්ති කාමරවල විභාග ශාලාව පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව පැවසෙන විභාග අක්‍රමිකතාවයක් හේතුවෙන් මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත දදැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව ද සඳහන් වේ.

ඒ අනුව මෙවර ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ  විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි.