රටට බත සපයන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමක් ලෙස ‘උරුමය’ වැඩසටහන යටතේ මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253කට සින්නක්කර ඉඩම් අයිතිය දීමට පියවර ගෙන තිබෙන පවසන ලදි.

මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සඳහන් කළේ ඇඹිලිපිටිය, මහවැලි ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් දීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.