ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

0

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මැතිතුමා සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව ඊයේ ( 18) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, පසුව ඔහු සමඟ සුහද කතාබහක ද නිරත විය.

දැනට පවතින සුහදශීලී ද්විපාර්ශ්වික හමුදාමය රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වා ගැනීම සඳහා දක්වන ලද සහයෝගීතාවය වෙනුවෙන් නික්ම යන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිය කෘතඥතාවය පළ කළේය.

මෙහිදී අමාත්‍ය තෙන්නකෝන්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වෙත සමරු තිළිණ ප්‍රදානයක් සිදුකරන තිබෙයි

මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *