සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ඓතිහාසික අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරයි

පසුගියදා කොළඹදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), සංචාරක අමාත්‍යාංශය සහ තවත් ප්‍රධාන ආයතන හතරක් සමඟ එක්ව සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම සිදුකරනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනාගත දිශානතිය ප්‍රස්ථාරගත කිරීම අරමුණු කරගනිමින් අත්සන් කිරීම සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදුවිය.