අයි.ඕ.සී. ඉන්ධන මිලත් පහළට

සිපෙට්කෝඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ.ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන මිල ද ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට සමාන කර තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 368 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 333 ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 377 ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 215 ක් දක්වා පහත දැමූ බව එල්.අයි.ඕ.සී. පවසයි.