IMF දෙවැනි වාරිකය ගැන සුභ ආරංචියක්.

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද(7) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

එම ණය මුදල සමග මෙරට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

ස්වෛරීත්වය පාවාදී විදේශ රටවලට වුවමනා විදිහට කටයුතු කිරීමට සූදානම් නැතැයි පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා තවත් පරම්පරාවක් බෙදුම්වාදයට තල්ලු කිරීම අනුමත නොකරන බවද සඳහන් කළා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *